දේශීය

ප්‍රදේශ රැසක පොහොර හිඟයක්

(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසක පොහොර හිඟයක් පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසයි.

ඒ හේතුවෙන් වී ගොවීන්, එළවළු ගොවීන් ඇතුළු වගාවල නිරත පුද්ගලයින් දැඩි පීඩාවට පත් ව ඇති බව එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, පොහොර තොග පැටවීම ඇතුළු එම කර්මාන්ත ශාලාවල නිරත වතු ආශ්‍රිත සේවකයින් මේ දිනවල සේවයට නොපැමිණීම හේතුවෙන් පොහොර හිඟයක් හටගෙන ඇති බවයි.

එම නිසා දේශීය පොහොර යොදා ගනිමින් හැකි පරිදි වගාවල නිරත වන ලෙස ලේකම්වරයා වැඩිදුරටත් ගොවීන්ට දැනුම් දුන්නේය.

Related posts

විදුලි බිල ගෙවීම ගැන වදවන ඔබට

Mohamed Dilsad

අලුතින් ගෙනා ගල් අඟුරු සාම්පල විද්‍යාගාර පරීක්ෂණ දෙකකින් අසමත් | බාල ගල් අඟුරු නිසා පාඩුව රු. කෝටි 700ක් – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

Leave a Comment