දේශීය

ජනපති හෙට චීනෙට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

 

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

 

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.

 

මෙම අතර එළඹෙන සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ පවත්වා තිබේ.

 

ජනාධිපතිවරයා හෙට දිනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බැවින් මෙම කැබිනට් රැස්වීම ඊයේ පස්වරුවේ කැඳවා තිබූ බව වාර්තා විය.

 

එහිදී රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති අතර කැබිනට් පත්‍රිකා කිහිපයක් සඳහා ද අනුමැතිය ලබාගෙන තිබේ.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ගින්නක්

Mohamed Dilsad

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

මහර බන්ධනාගාර ගැටුමේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment