දේශීය

තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

නොරොච්චෝලය පොලීසිය විසින් ඊයේ (28) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබුණි.

 

පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

 

ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (29) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නොරෝච්චෝලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකට තැනින් තැන වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ තවත් 49,703 කට ඊයේ කොවිඩ් මර්දන එන්නත්

Mohamed Dilsad

Leave a Comment