දේශීය

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මාපාකඩ ප්‍රදේශයේ සිද්ධ වු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (27) අලුයම් කාලයේදී, මොනරාගල සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රියක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක වැදී තිබුණි.

 

එහිදී ප්‍රතිකාර සඳහා රියදුරා සහ තවත් පුද්ගලයෙක්ව රෝහල්ගත කළ අතර රියදුරා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඔහු නක්කල, මොනරාගල පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

Related posts

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, හිටපු ජනාධිපති රනිල් සහ විපක්ෂ නායක සජිත් හමුවෙති.

Editor O

භූමදානයට අගමැති ගත් තීරණය කාලෝචිතයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment