දේශීය

නින්ද යෑම නිසා ජීවිතයක් අහිමිවෙයි

මහියංගනය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ මාපාකඩ ප්‍රදේශයේ සිද්ධ වු රිය අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (27) අලුයම් කාලයේදී, මොනරාගල සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රියක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක වැදී තිබුණි.

 

එහිදී ප්‍රතිකාර සඳහා රියදුරා සහ තවත් පුද්ගලයෙක්ව රෝහල්ගත කළ අතර රියදුරා මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඔහු නක්කල, මොනරාගල පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

Related posts

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

Editor O

ඉන්ධන ප්‍රමිතිය ගැන වාර්තාව අද

Mohamed Dilsad

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment