විදෙස්

කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ Jacksonville ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා (26) දිනයේ කළු ජාතිකයින් තිදෙනෙක්ට වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

 

21 හැවිරිදි ඔහු රයන් ක්‍රිස්ටෝපර් ලෙස හඳුනා ගෙන ඇති අතර කළු ජාතිකයින් තිදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුද සිය දිවි හානිකර ගෙන තිබුණි.

 

පොලීසිය පැවසුවේ සැකකරු, එලෙස කර ඇත්තේ ජාතිවාදී කරුණු සහ කළු ජාතිකයින්ට ඇති සිය විරෝධය නිසා බවයි.

 

රයන් විසින් මෝටර් රථයක ඉඳගෙන සිටි කාන්තාවකට පළමුවෙන් වෙඩිතබා වෙළෙඳසැලක් තුළ සිටි තවත් දෙදෙනෙකුට පසුව වෙඩි තැබීය.

 

සැකකරු සිය ගිනි අවිය නීත්‍යානුකූලව ලබාගෙන තිබුණි.

Related posts

චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම රුසියාවට

Mohamed Dilsad

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙක් ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment