දේශීය

පොලී අනුපාත ගැන මහ බැංකුවේ අලුත්ම තීරණය

නිත්‍ය පොලි අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

 

ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක් වෙයි.

 

මේ අතර උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

 

තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් ඔවුන් තීරණය කළේය.

 

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර ඇත.

Related posts

අද කොළඹ ට්‍රැෆික් ලයිට් පිළිබඳ සමීක්ෂණයක්

Mohamed Dilsad

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජූනි මාසේ ලැබුණු ඩොලර් ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment