දේශීය

බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු

වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ගිනිඅවි සමඟ මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය 05 වන දින එම නිලධාරීයා රැඳී සිටි බස් රථයට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණි.

 

පහරදීම සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු වැලිගම, මිදිගම සහ අහංගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එමෙන්ම පහරදීම සඳහා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද එහිදි පොලිසිය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.

 

අත්අඩංගුවට ගත් අවුරුදු 19ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්න් වන අතර සැකකරුවන් අද (14) මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

නව පක්ෂ 33ක් ලියාපදිංචිය ඉල්ලුම් කරයි

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment