විදෙස්

හවායි ලැව්ගිනිවලින් මියගිය ගණන ඉහළට

හවායි හී දරුණු ලැව්ගිනි තත්ත්වයෙන් ‍මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

 

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ලැව්ගිනි හේතුවෙන් තවත් සිය ගණනක් අතුරුදන් වී ඇති බවයි.

 

එසේම අතුරුදන් වූ හා මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වෙයි.

 

ගිනි ගැනීමට ලක්වූ ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරයේ වඩාත්ම පීඩාවට පත්වූ පුද්ගලයන් සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව සඳහන්ය.

 

විදෙස් වාර්තා පවසන්නේ, ලහයිනා හී පිහිටි බටහිර මවුයි නගරයේ මේ වනවිටත් විදුලිය හා ජලය පහසුකම් සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇති බවයි.

 

වසරකට සංචාරකයන් මිලියන දෙකක් පමණ ආකර්ශනය වන වෙරළබඩ නගරයක් වන ලහයිනා ගී ගොඩනැගිලි 1,000කට අධික ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන්ම විණාශ වී තිබේ.

Related posts

අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක්

Mohamed Dilsad

කේට් කුමරිය සිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්‍ෂ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment