දේශීය

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබේ.

 

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ තාවකාලික කාර්ය ක්‍රමයක් වශයෙන් එකී සංගමයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සත් පුද්ගල කමිටුවක් පත්කරන බවය.

 

එම සත් පුද්ගල කමිටුවේ සභාපති ලෙස මහේෂ් ගම්මන්පිල මහතා නම් කර තිබේ.

 

ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරන බවය.

 

ඔහු ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය පැවැත්වීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා එමඟින් නිලවරණ කමිටුවක් පත්කර ගත යුතු වේ

Related posts

සතොස හරහා එක් පුද්ගලයෙකුට මිළදි ගත හැකි පොල්ගෙඩි සංඛ්‍යාව තුනක්

Mohamed Dilsad

මේ වනවිට කොරෝනා බවට සැක රෝගීන් 255 ප්‍රතිකාර ලබයි – වෛද්‍ය අනිල් ජාසිංහ

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්වෙනි සමාලෝචනයේදී ශ්‍රී ලංකාව ගැන අවධානය යොමුකරන කරුණු

Editor O

Leave a Comment