දේශීය

දියේ ගිලී තරුණයෙක් මරුට

මාවතගම පොලිස් වසමේ දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (09) සවස් කාලයේ දෙගල්දොරුව ඔයේ දියනෑමට ගිය තරුණයින් කිහිපදෙනෙකු අතරින් එක් තරුණයෙකු එලෙස දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මේ අතර නාගොඩ පොලිස් වසමේ කැප්පිටිගොඩ ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 67ක් වූ උඩවැටිතලාව, නාගොඩ ප්‍රදේශයේ අයෙකි.

Related posts

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

Mohamed Dilsad

රාජ්‍ය ආමාත්‍යවරු සිව්දෙනෙක් ධූරවලින් නෙරපයි.

Editor O

සමන් රත්නප්‍රිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment