දේශීය

දියේ ගිලී තරුණයෙක් මරුට

මාවතගම පොලිස් වසමේ දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මියගොස් තිබේ.

 

ඊයේ (09) සවස් කාලයේ දෙගල්දොරුව ඔයේ දියනෑමට ගිය තරුණයින් කිහිපදෙනෙකු අතරින් එක් තරුණයෙකු එලෙස දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මේ අතර නාගොඩ පොලිස් වසමේ කැප්පිටිගොඩ ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 67ක් වූ උඩවැටිතලාව, නාගොඩ ප්‍රදේශයේ අයෙකි.

Related posts

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

Mohamed Dilsad

කොරියාවේ සිට පැමිණි පියා සහ පුතු කොරෝනා යැයි සැක පිට බදුල්ලේ රෝහලට

Mohamed Dilsad

Leave a Comment