දේශීය

සමන් රත්නප්‍රිය දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතිවික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

මේ පිලිබඳ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල කාරියවසම් මහතා කියා සිටියේ පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙන් කර තිබූ බැවින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ආසනය සමන් රත්නප්‍රිය මහතාට ලබාදීමට තීරණය කළ බවයි.

Related posts

ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඩොලරය 200 ඉක්මවයි

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

හර්තාලයට තැපෑල ත් සහය

Mohamed Dilsad

Leave a Comment