විදෙස්

රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන කොත්තමල්ලි ගබඩාවක් වටලයි

කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කර තිබේ.

 

ඒ අනුව අදාළ ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වු කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඊයේ (08) රාත්‍රී කාලයේ ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් පිරිසක් සහ අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්වී මෙම වැටලීම සිදුකර තිබුණි.

 

ඒ කල්මුණ පොලිස් වසමේ පරණ මුහුදු වෙරළ පාර ප්‍රදේශයේදී ය.

 

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු විසින් අලෙවි කිරීම සඳහා ගබඩාව තුළ තබාගෙන සිටි සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 2,125ක්, ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 8,275ක් සහ සල්ෆර් පවුඩර් කිලෝ ග්‍රෑම් 225ක් සොයාගෙන ඇත.

 

අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

චැඩ් ජනපති කැරැලිකරුවන් අතින් මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment