විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

(UTV |ඉන්දියාවේ) – ඉන්දියාවේ වාර්තාවන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ සැප්තැම්බර් මාසයට සාපෙක්ෂව මේ මාසයේ වාර්තා වූකොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පහළ බැස ඇති බවයි.

ඒ අනුව ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් -19 ආසාදිතයින් 50, 224 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 16වන දා දක්වා ඉන්දියාවෙන් දෛනිකව කොවිඩ් -19 ආසාදිතයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔක්තෝබර් 05වන දා සිට එරට දෛනිකව වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව  ක්‍රමයෙන් පහළ අගයක් ගන්නා බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 7,863,892ක් වන අතර මරණ 118, 567ක් සිදුව ඇත.

Related posts

ඇමරිකාවේ විරෝධතාවලට කැනඩාවේ සහයෝගය

Mohamed Dilsad

MonkeyPox තවත් රටවල් 3කට පැතිරෙයි

Mohamed Dilsad

සඳ තරණය වෙනුවෙන් සැකසූ නව ඇඳුම් කට්ටලයක් [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment