දේශීය

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමය සඳහා ගොස් සිටි පිරිසක් අතරෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (07) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, මහවැල් ගම්මානය, පොල්ලේ බද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

 

මියගිය ළමයා තවත් කිහිපදෙනෙකු සමඟ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක මරණකරු විසින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇත.

 

පසුව පැමිණි පිරිස විසින් මෘත ශරීරය ගොඩ ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

කොරෝනා නීති උල්ලංඝනය කළ ගුරුවරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment