දේශීය

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

මහඔය පොලිස් වසමේ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමය සඳහා ගොස් සිටි පිරිසක් අතරෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (07) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

 

එසේ මියගොස් ඇත්තේ, මහවැල් ගම්මානය, පොල්ලේ බද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

 

මියගිය ළමයා තවත් කිහිපදෙනෙකු සමඟ නේමිගේ වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර, එක් අයෙකු දියේ ගිලෙමින් සිටිනු දැක මරණකරු විසින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී ඇත.

 

පසුව පැමිණි පිරිස විසින් මෘත ශරීරය ගොඩ ගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පංති අද සිට තහනම්

Editor O

ගුරු වැටුප් විෂමතා සම්පූර්ණයෙන් ගෙවීමට තීරණයක්

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

Leave a Comment