දේශීය

මඩකලපුවට පුළුල් සංවර්ධන සැලැස්මක්

මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙවසරක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් එම සංවර්ධන සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

 

අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර තිබේ.

 

කෘෂිකාර්මික අංශය තුළ මතුව ඇති ගැටලු විසඳීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන අතර ඊට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

 

Related posts

නුවරඑළියේ අවුරුදු උත්සවය ගැන ආණ්ඩුකාරවරයාගෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

Leave a Comment