දේශීය

ඡන්දය ගැන මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

‍පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, මේ වසර තුළ ‍පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පියවර ගනු ඇති බවයි.

 

සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පළමුව, දැනට කල් දමා ඇති මැතිවරණ දෙකෙන් එකක් හෝ පවත්වනු ඇති බවට බලාපොරොත්තු වන බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

 

ජනතාවගේ පාලනයකින් තොරව, මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් විසින් ගෙනයන මෙම පාලනය අනීතික බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.

 

පො‍ළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළකර ඇත.

 

මේ අතර, වත්මන් ආර්ථික බිඳ වැටීමට මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

 

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, රට තුළ නිවැරැදි දේශපාලන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා ජනතාව පෙළ ගැසිය යුතු බවය.

 

කෙසේවෙතත් මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

Related posts

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ජනපතිගෙන් සැලසුම්

Mohamed Dilsad

අමෙරිකානු සහකාර ලේකම් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment