දේශීයවිදෙස්

ඉන්දීය ආයෝජකයින් ගෙන් අලුත් යෝජනාවක්

මෙරටදීම කිරි, බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ ආයෝජකයින් තිදෙනෙක් රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 

“බිත්තර, කුකුළු මස් කර්මාන්තය වෙනුවෙන් විදෙස් ආයෝජන කිහිපයක් පිළිබඳ අපිට දැනුම්දීලා තියෙනවා. ඒ අයගේ ආයෝජන පිළිබඳ අපි සොයා බැලීමක් කරනවා. ඒක සාර්ථක නම් ඒ කටයුත්ත කරන්න ඉඩ දෙනවා. මොකද අපිට ඕනේ රටට අවශ්‍ය දේවල් රටේම හදාගෙන මේ රටේ ජනතාවට දෙන්න. ලංකාවේ අය කරනවා නම් අපි වැඩිය කැමති. ලංකාවේ අය සම්බන්ධ වෙන්නේ නැතිනම් විදේශිකයෙක් හරි ඇවිල්ලා ආයෝජනය කරනවා නම් අප ඒක කරනවා. රටින් බිත්තරයි මසුයි ගෙනවාට වඩා හොඳයි නේ ලංකාවෙම හදලා දෙන එක.”

 

“කිරි කර්මාන්තයටත් ඉන්දියාවේ අමූල් සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට ඕන කරන කිරි, මස්, බිත්තර අපේ රටේම හදන්න අපිට ඕන. වැඩිපුර නිෂ්පාදනය කරලා අපනයනය කරන්න අපේ ඉලක්කය.”

 

 

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ කළුතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵළ ගැන ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.

Editor O

ඡන්ද නාමලේඛණයේ නම නැත්නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment