දේශීය

කුවේටයේදී එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයාගේ දේහය බෙදාගන්න කාන්තාවන් තිදෙනෙක්

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකු කර කුවේට්හිදී එල්ලා මරණ ලද ශ්‍රී ලාංකිකයෙකුගේ දේහයට අදාළ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02) සිදුකිරීමට පියවර ගෙන තිබුණි.

 

එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දෑවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත්වී තිබේ.

 

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදුවිය.

 

මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.

 

පසුගිය 27 වනදා ඔහුව එල්ලා මරණයට පත්කර තිබූ බව වාර්තා විය.

 

මෙලෙස ඉදිරිපත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් ඕමානයේ රැකියාවේ නියුතු තැනැත්තියකි.

 

ඇය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ ඔහු සමග විවාහ වී වසර 17ක් පමණ වන බවය. දරුවන් දෙදෙනෙකුගේ මවක් බවද පවසා තිබේ.

 

ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

 

“තාත්තාව කුවේට් රටේදී එල්ලා මරා දමන ලද බවට යූ ටියුබ් මගින් දැනගත් පුතා මට කිව්වා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ බව දැනගෙන මම ලංකාවට ආවා. ඔහුගේ දේහය ගුවන් මගින් කටුනායකට එවා තිබුණා. මගේ ස්වාමියා තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වී සිටි බව පසුව දැනගත්තා. මම මෘතදේහය භාර ගැනීමට කැමති නැහැ. එහෙත් අවසන් කටයුතුවලට සහභාගීවීමට මට අවස්ථාව දෙන්න.”

 

කෙසේවෙතත් මියගිය අයගේ බිරින්දෑවරුන් කියන අයගේ අනන්‍යතාව තහවරු කර විවාහ සහතිකය සහ දරුවන්ගේ උප්පැන්න සහතික සමග පරීක්ෂා කර අද ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

වව්නියාව නගර සභාවේ සභාපතිට සහ උප සභාපතිට අතුරු තහනම් නියෝගයක්

Editor O

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

Mohamed Dilsad

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

Leave a Comment