දේශීය

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක්වී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්ය.

 

දෙපාර්ශ්වයක් අතර පැවැති ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවද එම තරුණයාව පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහරදී ඝාතනය කර ත්‍රීරෝද රථයකින් කඩුවෙල ඉහත කී ප්‍රදේශයේදී දමාගොස් ඇති බවත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශයේදී ය.

 

සැකකරුවන් සිදුකර ඇති ප්‍රකාශ මත පහරදීම සඳහා යොදාගත් පොල්ලක් සහ වයරයක් ද සොයාගෙන ඇත.

 

අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

සැකකරුවන් 36,46 සහ 47 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය

Related posts

සුදුමැස්සා දිස්ත්‍රික්ක 11ක පැතිරේ

Mohamed Dilsad

අදත් තැන තැන වැසි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment