දේශීය

පිරිවෙන් අධ්‍යාපනය ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – ඔක්තෝබර් මස 14වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරීන් වහන්සේලාගේ අභිමතය පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.

ඒ අනුව ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත් පරිදි ආරම්භ කිරීම ඔක්තෝබර් 21 වනදා සිට සිදුවෙන බවද සඳහන් කරයි.

Related posts

ඕමානයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

Mohamed Dilsad

Leave a Comment