දේශීය

අස්වැසුම ගැටලු ගැන සාකච්ඡාවක්

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණි.

 

වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් සඳහා ඒ ආකාරයෙන්ම ගෙවීම් ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

 

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related posts

තරුණ සාම ජනමාධ්‍යවේදීන් උදෙසා MediaCorps ශිෂ්‍යත්ව වැඩසටහන

Mohamed Dilsad

ආණ්ඩුවට විරුද්ධ වන අය, ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන සාගර කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

Editor O

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment