දේශීය

මාතර අවි ගබඩාවක් වටලයි

තිහගොඩ බණ්ඩත්තර වේල්ල ප්‍රදේශයේදී අවිආයුධ තොගයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම අවිආයුධ සොයාගත් බවය.

 

එම ස්ථානයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක්, ටී 56 වර්ගයේ උණ්ඩ 10ක් සහ සරඹ උණ්ඩ 10ක් සොයාගෙන තිබේ.

 

සිද්ධියට සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාතර අපරාධ කොට්ඨාසය සහ මාතර පොලීසිය ඒකාබද්ධව විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

අද කාලගුණ නිවේදනය

Mohamed Dilsad

ජූනි 02,03 විදුලි කප්පාදු පැයක් පමණයි

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් කළුආරච්චි දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment