දේශීය

පොලීසියේ ලෙස පෙනී සිට දේපොළ කොල්ලකෑ 10ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා දේපොළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනෙකු පොකුණුවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, සැකකරුවන් මිල්ලනිය, කහතුඩුව, අඟුරුවාතොට, පාදුක්ක, කොස්ගම, ඉංගිරිය, කිරිඳිවැල සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි.

 

පොලීසියට ලද පැමිණිලිවලට අනුව මෙහි ප්‍රධාන සැකකරු හොරණ පොකුණුවිට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ පසුගිය 18 වනදා අත්අඩංගුවට ගෙන තිබිණි.

 

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

 

ප්‍රධාන සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රැඳවුම් නියෝග යටතේ තබා ගැනීමට නියෝග වී තිබේ.

 

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 09 දෙනාගෙන් එක් අයෙකු සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

 

සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කොල්ලකන ලද ත්‍රීරෝද රථ 02ක්, යතුරුපැදි 06ක්, රත්‍රන් ගුලි 03ක්, කඩු 02ක්, මන්නා පිහියක් සහ ‘පොලිස්’ ලෙස සටහන් කරන ලද ටී ෂර්ට් සහ ජැකට් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

 

 

Related posts

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

Editor O

ගෘහස්ථ ගෑස් ගැටලු සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් හෙට

Mohamed Dilsad

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

Leave a Comment