දේශීය

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා (20) දිනය වන විට සංචාරකයන් හත්ලක්ෂ දාහතර දහස් පන්සිය අනූ අට දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

 

ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් අසු නවදහස් හත්සිය විසි හතර දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

 

ඉන් වැඩිම පිරිසක් වන සංචාරකයන් පහළොස් දහස් තුන්සිය තිහක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සඳහන්ය.

 

බ්‍රිතාන්‍ය සංචාරකයන් දසදහස් එකසිය අසූහතර දෙනෙකු, චීනයෙන් පන්දහස් නවසිය හැට තුන්දෙනෙකු සහ ජර්මනියෙන් පන්දහස් එකසිය හතළිස් එක් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

මේ අතර, 2022 සමස්ත වර්ෂය තුළම දිවයිනට පැමිණ ඇත්තේ, සංචාරකයන් හත්ලක්ෂ දහනවදහස් නවසිය හැත්තෑ අට දෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

කොරෝනා අවදානම පහව යනතුරු පොලිස් භාරයට ගත් වාහන ලබා නොදෙයි

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

Leave a Comment