දේශීය

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 07 දක්වා ඉහළට

මේ වසර තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ හතේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙරේදා (20) දිනය වන විට සංචාරකයන් හත්ලක්ෂ දාහතර දහස් පන්සිය අනූ අට දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

 

ජූලි මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයන් අසු නවදහස් හත්සිය විසි හතර දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

 

ඉන් වැඩිම පිරිසක් වන සංචාරකයන් පහළොස් දහස් තුන්සිය තිහක් ඉන්දියාවෙන් පැමිණ ඇති බව සඳහන්ය.

 

බ්‍රිතාන්‍ය සංචාරකයන් දසදහස් එකසිය අසූහතර දෙනෙකු, චීනයෙන් පන්දහස් නවසිය හැට තුන්දෙනෙකු සහ ජර්මනියෙන් පන්දහස් එකසිය හතළිස් එක් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

මේ අතර, 2022 සමස්ත වර්ෂය තුළම දිවයිනට පැමිණ ඇත්තේ, සංචාරකයන් හත්ලක්ෂ දහනවදහස් නවසිය හැත්තෑ අට දෙනෙකු පමණක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

Related posts

මහා ඛේදවාචකයකට එරෙහි වූ ගම්වැසියන්ගේ මෙහෙයුම

Mohamed Dilsad

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙක් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක දන්වයි

Mohamed Dilsad

Leave a Comment