දේශීය

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

නව තරග විභාගයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ මෝසමක් සලකාබැලීම සඳහා හෙට (20) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

2019 වසරේ පවත්වන ලද තරඟ විභාගය පදනම් කරගෙන අදාළ පත්කිරීම් සිදුකිරීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කරගෙන තිබියදී ඊට පටහැනිව යමින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට සම්බන්ධයෙන් මෙම මෝසම ගොනු කර තිබුණි.

 

එම මෝසම අද (19) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.

Related posts

ලෙබනනයේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් 8 කට තුවාල

Mohamed Dilsad

රජයෙන් වෘත්තීයවේදීන්ට පොරොන්දුවක්

Mohamed Dilsad

අපේ ඉලක්කය ජනවාරි මාසයේ IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීම – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment