දේශීය

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

නව තරග විභාගයක් පැවැත්වීමකින් තොරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට එරෙහිව ගොනු කළ මෝසමක් සලකාබැලීම සඳහා හෙට (20) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

 

2019 වසරේ පවත්වන ලද තරඟ විභාගය පදනම් කරගෙන අදාළ පත්කිරීම් සිදුකිරීම සඳහා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවයක් ඇති කරගෙන තිබියදී ඊට පටහැනිව යමින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට සම්බන්ධයෙන් මෙම මෝසම ගොනු කර තිබුණි.

 

එම මෝසම අද (19) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබීය.

Related posts

මානව හිම්කම් කොමිසමේ අර්බුදය උග්‍ර අතට

Mohamed Dilsad

කන්දකාඩු රැඳවියාගේ මරණයට හමුදා සාමාජිකයින් 04ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

Mohamed Dilsad

Leave a Comment