දේශීය

ඌරු ජුවාගේ සමීපතමයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් සැලකෙන ඌරු ජුවාගේ සමීපතමයෙකු, හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේදී හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

දැඩිගමුව – බදුවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි මෙම සැකකරු දිද්දෙණිය ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නිවසක රැඳීසිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් පමණ, සිම් කාඩ්පත්, ජංගම දුරකථනයක්, කුඩා තරාදියක්, බැංකු කාඩ්පත් 09 ක් සමඟ තියුණු ආයුධයක්ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

 

“කූඩැල්ලා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු අද (18) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජනාධිපතිවරයෙක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගීමට තිබූ අවස්ථාව අහිමි වුණා – මනූෂ නානායක්කාර

Editor O

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment