ක්‍රීඩාදේශීය

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය අද (16) පැවති අතර ඊට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සහභාගි වුණි.

 

එම ඉසව්ව විනාඩි 2.00.66කින් නිම කළ තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද සමඟිනි.

 

ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනුගනු ලැබීය.

 

තරුෂි කරුණාරත්න බිඳ හෙලුවේ 1998දී චීන ක්‍රීඩිකාවක් විසින් තැබූ තරගාවලි වාර්තාවකි.

 

එමෙන්ම ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි වාර්තාවක් බිහිකළේ සුසන්තිකා ජයසිංහ වන අතර එය 2002 වසරේ දී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබුණි.

 

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බිහිකළේ වසර 21කට පසුවය.

Related posts

“CEYPTCO ඉන්ධන මිල වැඩි කළොත් ප්‍රවාහන කර්මාන්තය කඩා වැටෙන ලකුණු”

Mohamed Dilsad

මහින්දානන්දව හරවා එවයි

Mohamed Dilsad

කටුනායක තවත් කොරෝනා 7 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment