දේශීය

රග්බි ගැසට්ටුවට එරෙහිව අතුරු තහනමක්

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් කටයුතුවලට මැදිහත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (14) ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජිතයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් විසින් ගොනුකළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ, මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් එම නියෝගය නිකුත් කර තිබේ.

 

එම තහනම් නියෝගයට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ඔහුගේ නියෝජිතයින්ට ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම තහනම් කර තිබෙන බවද නියෝගයේ සඳහන් වෙයි.

 

මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවද නියෝගයේ දැක්වෙයි

Related posts

73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ සූදානමක්…!

Editor O

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

Leave a Comment