විදෙස්

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “Jawan” චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය අද (10) උදෑසන එළිදක්වා තිබේ.

 

කොලිවුඩ් සිනමාවේ දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි කුමාර් විසින් එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

 

Jawan චිත්‍රපයටය ට බොලිවුඩ් සහ කොලිවුඩ් නළු නිළියන් රංගනයෙන් දායකත්වය දක්වයි.

 

ෂාරුක් ඛාන්, නයන්තරා, ප්‍රියමානි, සන්‍යා මල්හෝත්‍රා, යොගි බාබූ, සුනිල් ගෝවර්, සිමාජීත් සින්ග් නග්රා, අසී බග්රී, මනහාර කුමාර් මෙම චිත්‍රපටයේ චරිත නිරූපනය කරන බව සඳහන් වේ.

 

ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගීතවේදියෙකු සහ තනු නිර්මාණකරු‍වෙකු වන අනිරුද් රවිචන්ද්‍ර විසින් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

 

බොලිවුඩ් සහ කොලිවුඩ් සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දීය සිනමාවේ පෙරළියක් සිදුකරනු ඇති බවට විචාරකයෝ පවසති.

 

Jawan චිත්‍රපටයේ මංගල දර්ශනය එළැඹෙන සැප්තැම්බර් මස 07 වනදා ලොවපුරා එළිදැක්වීමට නියමිතය.

 

මේ අතර පසුගිය දා ෂාරුක් ඛාන් අමෙරිකාවේ රූගත කිරීමක් අතරතුරදී අනතුරකට මුහුණදුන්නේය.

 

ලොස් ඇන්ජලීස් හි රූගත කිරීමකදී ඔහුගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

කෙසේවෙතත් මේ වනවිට අමෙරිකාවේ දී වෛද්‍ය උපදෙස් මත ඔහුගේ නාසයේ සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇතැයි ද වාර්තා වුණි.

 

අනතුරින් පසුව ඔහු නැවත ඉන්දියාව වෙත පැමිණ ඇති බවත් සිය නිවසේ විවේක සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් 10,000 ක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment