දේශීය

පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයට පෙනී සිටීම සඳහා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ සිටී.

 

එම පෙත්සම් අද (04) ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

 

අදාළ චෝදනාව සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෑතකදී නියෝග කර තිබුණි.

 

එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබේ.

Related posts

විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක්

Editor O

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment