දේශීයවිදෙස්

තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ගැන අලුත්ම ආරංචිය මෙන්න

ශ්‍රී ලංකාවේ සිට යළි සිය මව්රටට රැගෙන යනු ලැබූ “මුතුරාජා” හස්තියාගේ වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තා පවසයි.

 

තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කෙරුණු “මුතුරාජා” හස්තියා වසර 22කට පසු යළි තායිලන්තයට ඊයේ (02) රැගෙන යනු ලැබීය.

 

මුතුරාජා ඊයේ දහවල් තායිලන්තයේ චියැන්ග් මායි ගුවන් තොටුපොළට ළඟා වුණේ පැය කට ආසන්න ගුවන් ගමනකින් පසුවය.

 

අනතුරුව හස්තියා තායිලන්තයේ ලම්පාන්ග් ප්‍රාන්තයේ පිහිටි අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

 

“මුතුරාජා” හස්තියා ස්නානය සඳහා අද රැගෙන ගිය බවත් ඉන් අනතුරුව පශු වෛද්‍ය කණ්ඩාම් පැමිණ හස්තියාගේ සිරුරේ බාහිර තුවාල පරීක්ෂා කළ බවත් එරට වාර්තාවල සඳහන්ය.

 

මුතුරාජාගේ වම් ඉදිරි පාදය නැවීමට නොහැකිවීම පිළිබඳත් ඔවුන් අවධානය යොමුකර තිබේ.

 

තමන් බලාපොරොත්තුවෙන් සිටි පරිදිම හස්තියාට ඉහළම සැලකීමෙන් යුතුව ප්‍රතිකාර කරන බව එරට බලධාරින් පවසයි.

 

දින 30ක් එරට සත්ත්ව වසංගත පාලන මධ්‍යස්ථානය තුළ රඳවා තැබෙන මුතුරාජා පසුව අලින් සඳහා ප්‍රතිකාර කෙරෙන රෝහල වෙත යොමු කෙරෙන බවත් එරට වාර්තාවල සඳහන්ය.

 

ශ්‍රී ලංකාව තුළ දැඩි ආන්දෝලනයක් මතු කළ මුතුරාජා සිය මව්රටේ නිදහසේ සිටින අයුරු දැක්වෙන දසුන් විදෙස් මාධ්‍යවල අද සංසරණය වුණි.

 

මේ අතර සුරකිමු ලංකා සංවිධානය පවසන්නේ අලි ඇතුන් පන්සල්වලට සන්නස්පත්‍ර මගින් පරිත්‍යාග කිරීම නතර කළයුතු බවය.

Related posts

‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශ

Mohamed Dilsad

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

චන්ද්‍රසිරි සූරියආරච්චි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment