දේශීය

ලක්ෂ 22ක තැල්ලක් සොරකම් කළ පාසල් ගුරුවරියක් අත්අඩංගුවට

උඩප්පුව ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 22ක් වටිනා රන් තැල්ල සොරකම් කළ එම පාසලේම ගුරුවරියක් අද(28) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

රන් තැල්ල හිමි ගුරුවරියගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ කැසීමක් හේතුවෙන් ඇය රන් තැල්ල ගලවා මුදල් පසුම්බියට දමා ඉගැන්වීම් කටයුතු කර ඇත.

 

එම අවස්ථාවේ විදුහල්පතිවරයා කළ කැඳවීමක් මත ඇය පංති කාමරයෙන් ඉවතට ගොස් තිබෙන අතර, පසුව ඇය නැවත පැමිණ සිය මාලය පසුම්බියේ තිබේද යන්න පරික්ෂා කිරීමේදී එය නොමැති බව දැන ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.

 

පසුව විදුහල්පතිවරයා පැමිණ සිසුන්ගෙන් කළ විමසීම් හමුවේ අනාවරණය වී ඇත්තේ, තවත් ගුරුවරියක් විසින් ඇයගේ පසුම්බිය විවෘත කර ඇති බවය.

 

පසුව විදුහල්පතිවරයා විසින් මේ බව පොලීසියට දන්වා ඇති අතර, පොලීසිය පැමිණ අදාළ සැකකාර ගුරුවරියගෙන් සිදුකළ දිර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් අදාළ රන් තැල්ල සහ මාලය සොරකම් කළ බවත් එය පාසලේ ආරක්ෂිත වැටක් අසල පොළොවේ කුඩා වළක් අතින් හාරා සැඟවූ බවත් පවසා ඇත.

 

පසුව සැකකාර ගුරුවරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

ජෙහාන් අප්පුහාමිට ඇප

Mohamed Dilsad

අද සජබ නිහඩ විරෝධතාවයක්

Mohamed Dilsad

ත්‍රිපිටකය ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

Leave a Comment