දේශීය

පියාගේ පිහි පහරකින් දරුවකුට තුවාල

තම පියා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

 

තුවාල ලබා ඇත්තේ, බොරළුවැව – රත්මල්ගස්වැව පදිංචි වයස අවුරුදු 10ක පිරිමි දරුවකු බව වාර්තා වී ඇත.

 

ඊයේ (28) වනදා රාත්‍රී 8.00ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර, නිවසේ ඇතිවූ ගැටුමක් අතරතුර දරුවාට පිහි පහර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

කෙසේවෙතත් සැකකාර පියාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර, කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කරයි.

Editor O

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment