දේශීය

බීමතින් කැලණි ගඟේ නෑමට ගිය තරුණයා අතුරුදන්

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

 

මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ ඊයේ (16) සවස මෙලෙස කැලණි ගඟට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසයි.

 

මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ 20 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

 

ඔහු සේවය කළ ටයර් වෙළෙඳසැලේ උපන්දින සාදයක් පවත්වා මත්පැන් පානය කර පසුව මෙලෙස දිය නෑමට ගොස් ඇති බව අනාවරණ වී ඇත.

 

අතුරුදන් වූ පුද්ගලයා සේවීමේ කටයුතු හංවැල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

 

මේ අතර, ඊයේ සවස කිරිඇල්ල කරදන ප්‍රදේශයේ දී කාන්තාවක් කණුග්ගල්ල ඇළට වැටි මියගොස් තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි අලුත්වත්ත, කණුග්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

 

මෙම කාන්තාව මානසික රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියක් බව හෙළි වී ඇත.

 

කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අගමැති හැර මුලු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගංජා කිලෝ 3200කට වැඩි ප්‍රමාණයක් සොයා ගනි

Mohamed Dilsad

ආදායම් ලබන බලශක්ති කලාපයක් ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment