දේශීය

පුද්ගලයින් 100කට මරු කැඳවූ රස්නය

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ.

 

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවය.

 

වැඩිදුරටත් වාර්තා වන්නේ බොහෝ මරණ උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බවය.

 

කෙසේවෙතත් ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙයි.

 

 

Related posts

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

අමාත්‍ය වසන්ත සමරසිංහට එල්ල වී ඇති, වත්කම් චෝදනා ගැන, ඔහු විසින් පිළිතුරු දිය යුතුයි – රවී කරුණානායක

Editor O

මෙරට PCR පරීක්ෂණ 80,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment