දේශීය

සකර්බර්ග් ගේ Threads වේගයෙන් ඉහළට

මෙටා සමාගම මගින් දියත් කළ නවතම සමාජ මාධ්‍ය මෙවලම වන Threads අද (06) එළිදැක්විණි.

 

එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

 

මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පවසති.

 

විශේෂයෙන්ම ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පළ කරති.

 

එවන් පසුබිමක නව මෙවලම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ.

Related posts

ඇමතිවරයෙක් ඇතුළු ආණ්ඩුවේ තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

විදුලි සැපයුම ගැන හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment