දේශීය

නුවරඑළියේ වතු නිවාස 20ක් ගිනිගනී

නුවරඑළිය රාගල පොලිස් වසමට අයත් ලෝවර් ඩිවිශන් වත්තේ වතු නිවාස පේළියක අද (05) උදැසන 10ට පමණ හටගත් ගින්නකින් නිවාස 20ක් මුළුමනින්ම විනාශවී ඇති බව රාගල පොලීසිය පැවසීය.

 

ගින්න ඇතිවන අවස්ථාවේදී එම වතු නිවාසවල පදිංචි පිරිස රැකියා සඳහා පිටව ගොස් තිබුණි.

 

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන්වල සිදුවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇති බවට සැකකරන බව පොලීසිය පැවසීය.

 

ගින්නෙන් නිවාස අහිමිවූවන්ව වතු බලධාරීන් විසින් පොදු ස්ථාන කිහිපයකට යොමු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය හා දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබේ.

 

 

 

Related posts

වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ට දැනුම්දීමක්

Editor O

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

යළි හදිසි නීතිය පැනවේ

Mohamed Dilsad

Leave a Comment