දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

 

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

ගෑස් නෞකාව තවත් ප්‍රමාද වේ

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල්වල දෙවන වාරය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment