දේශීය

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

 

ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

 

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

 

අදාළ යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.

 

මැතිවරණය කල්යාම තුළින් නාමයෝජනා බාරදී ඇති රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර මේ හේතුවෙන් අදාළ නාමයෝජනා අහෝසි කිරීමට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත් ව තිබේ.

 

ඒ සඳහා විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බැවින් ඒ පිළිබඳ ආණ්ඩුව නීති උපදෙස් ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

 

 

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

දුම්රිය හා බස් රථ අවුරුදු මෙහෙයුම අරඹයි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment