දේශීය

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

 

අද පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සරල කරන ලද එකතුකළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයට

Editor O

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment