දේශීය

වෙඩික්කරුගේ වැරදුණු ඉලක්කය

කොට්ටාව නගරයට ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී ඊයේ (21) සිදුකළ වෙඩි තැබීමකින් ඝාතනය වූ පුද්ගලයා වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

 

පසුගිය මැයි මස 15 වනදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විශ්වාස කෙරේ.

 

එදින ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පාර්ශ්වය එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අයකුගේ සහෝදරයාව ඝාතනය කිරීමට සොයමින් සිට තිබේ.

 

නමුත් ඔවුන් වැරදීමකින් ඉලක්ක කර ඇත්තේ එම සහෝදරයා සමඟ එකම ආයතනයක සේවය කළ වෙනත් පුද්ගලයෙක්වය.

 

ඊට හේතුවී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනාම හැඩරුවෙන් සමාන වීම බව පොලීසිය පවසයි.

 

මේ වෙඩිතැබීම ගනේමුල්ල සංජීව නැමති පාතාල සාමාජිකයාගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට සැකකෙරෙන අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

සහල්, සීනි, අල, ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සීමාවක්

Editor O

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහළට

Mohamed Dilsad

Leave a Comment