දේශීය

යුද හමුදා වෑන්රථයක් අනතුරක

අද (20) අලුයම නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – මහනුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.

 

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුර සිදුව තිබුණි.

 

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ යුද හමුදා නිලධාරීන් 6දෙනෙක් සිට ඇති අතර ඉන් 5දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඉන් නිලධාරියෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ කඳවුරට යමින් සිටිය දී එම අනතුර සිදුව ඇත.

 

අනතුරින් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක්, සැරයන්වරයෙක් හා කෝප්‍රල්වරුන් තිදෙනෙක් තුවාල ලබා තිබේ.

 

බවුසර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදේශ ගමන් තහනමක්

Editor O

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 377 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment