දේශීය

PHI වෙස් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් රඹුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (19) දහවල් කාලයේදී රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි දික්පිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු රඹුක්කන නගරයේ වෙළෙඳසැලක් වෙත ගොස් රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීයා ලෙස පෙනී සිටිමින් එම වෙළෙඳ සැලෙන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවේදී වෙළෙඳසැල් සේවකයන් විසින් ඔහු අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදී ඇත.

 

සැකකරු අද (20) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලාෆ් ගෑස් ගැන දැනුම් දීමක්

Editor O

ඇඟලුම් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට රජයෙන් නිසි පියවර

Mohamed Dilsad

සීනිගම දේවාලයේ පෙරහැර නිසා ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා

Mohamed Dilsad

Leave a Comment