දේශීය

සීනිගමදී දේශපාලකයෙකුට වෙඩිතබයි

මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබේ.

 

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

ඔහු අද (17) පෙරවරුවේ සීනිගම දේවාලය ආසන්න ප්‍රදේශයයේදී ඔහුට අයත් කැබ්රථයේ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.

 

වෙඩි ප්‍රහාර මධ්‍යයේම ප්‍රාදේශීය දේශපාලනඥයා හික්කඩුව පොලිස් ස්ථානය වෙත ගොස් ඇති අතර පසුව හික්කඩුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව රෝහල්ගත කර ඇත.

 

වෙඩිවැදුණු ප්‍රදේශීය දේශපාලනඥයා සමගි ජන බලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

 

එමෙන්ම ඔහු රත්ගම විදුර නැමති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙකු බවද වාර්තා වෙයි.

 

කෙසේවෙතත් මෙම වෙඩිතැබීම පාතාල සාමාජිකයින් විසින් සිදුකළේද එසේත් නොමැති නම් වෙනත් පෞද්ගලික හේතුවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment