දේශීය

නිල සංචාරයකට ජනපති දිවයිනෙන් පිටව යයි

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අලුයම බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා පිටත්ව ගොස් තිබේ.

 

“අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවය.

 

බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

 

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් කළ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට එක්වෙයි..

 

ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම” යන්නය.

 

ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.

 

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර දී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට ද සැලසුම් කර තිබේ.

 

මෙරට ණය අර්බුදය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සහ ණය ස්ථායිතාව ඇති කිරීමට පැරිස් සමාජය සහාය ලබාගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

Related posts

කොවිඩ් බලපෑමෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

Mohamed Dilsad

සීනි, සහල් සඳහා උපරිම මිල සඳහන් ගැසට්ටුව නිකුත් වෙයි

Mohamed Dilsad

දුම්රිය සේවකයින්ගේ සාකච්ඡා අසාර්ථක වෙයි

Mohamed Dilsad

Leave a Comment