දේශීය

රියදුරු බලපත්‍ර ගැන තීරණයක් ගනී

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවය.

 

නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20ක් පමණ මුදලක් දැරීමට නොහැකි වීම නිසා එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාතක්මක වන බව සඳහන්ය.

 

 

Related posts

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 16 කට කොරෝනා

Mohamed Dilsad

පළමු වටයේ සමස්ත ප්‍රතිඵළ ය මෙන්න.

Editor O

වෙඩි වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment