දේශීය

අණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩි

අද අලුයම රඹුක්කන, කොටගම ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකුට පොලීසිය වෙඩි තබා තිබේ.

 

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබුණි.

 

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට අයත් බෝලගම කොටගම මංසන්ධියේදී රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (13) රාත්‍රී කාලයේ සිට මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂාවේ නිරතව සිට තිබුණි.

 

පොලීසිය පැවසුවේ, එම පරීක්ෂා කිරීම අතරතුර අද අලුයම 3.15ට පමණ එම ස්ථානයෙන් යතුරුපැදිකරුවෙකු ගමන් කර ඇති බවය.

 

එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතන ලෙස සංඥා කළද යතුරුපැදිකරු එය නොතකා මාර්ගයේ රැඳීසිටි පොලිස් නිලධාරියෙකුද අනතුරට ලක්කරමින් එම ස්ථානයේ පළායාමට උත්සාහ කර තිබේ.

 

එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිකරුට වෙඩි තබා ඇති අතර, ඉන් ඔහුගේ වම් අතට සහ වම් පාදයට තුවාල සිදුවී තිබේ.

 

තුවාල ලැබූ යතුරු පැදිකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

බැසිල් අධිකරණයට නොපැමිණි හේතුව මෙන්න

Editor O

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment