දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය ඉදිරි පැය 48 තුළ

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොත් ලක්ෂ තුනහමාරක අසභ්‍ය පිටු ඉවත් කර ළමයින්ට බෙදනවා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්⁣ නාලක කළුවැව

Editor O

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

Mohamed Dilsad

Leave a Comment