ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගීවීමට අද (10) අලුයම කටුනායක ගුවන්තොටුපොළෙන් සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් තිබේ.

 

“අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් වෙනත් ගුවන්යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය බවය.

 

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම නෙදර්ලන්තය සහ අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණුවීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිතව ඇත.

 

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන රටවල ක්‍රිකට් කණ්ඩායම් සමග සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණවල සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Related posts

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේදී

Mohamed Dilsad

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනා ප්‍රකාශයට පත් වෙයි

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment