දේශීය

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

ඌරු ගොවිපලවල් ආශ්‍රිතව වසංගත රෝගයක් ව්‍යාප්ත වන බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.

 

බස්නාහිර පළාත තුළ මෙම තත්ත්වය උග්‍රවී ඇති බව වාර්තා වෙයි.

 

ඌරු ගොවිපොල ආශ්‍රිතව ව්‍යාප්ත වන PRRS ලෙස හඳුන්වන මෙම වසංගත තත්ත්වය 2020 වසරේදී මෙරටින් හඳුනා ගනු ලැබීය.

 

එම අවස්ථාවේදී ඊට අවශ්‍ය එන්නත් මෙරටට ගෙන්වා ඌරන්ට ලබාදීම හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය වී තිබුණි.

 

එලෙස පාලනයවීම නිසා ඌරු ගොවිපොල හිමියන් එන්නත් ලබාදීම මෑතකාලීනව නවතා දැමීම හේතුවෙන් යළිත් වසංගත තත්ත්වය උග්‍රවී ඇති බව සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසයි.

 

බස්නාහිර පළාත ආශ්‍රිතව මෙය උග්‍ර අතට හැරී ඇති අතර ගලේවෙල, වහකෝට්ටේ, මාතලේ, යාපනය හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ඌරු ගොවිපලවල් ආශ්‍රිතවද මෙම තත්ත්වය ව්‍යාප්ත වී තිබේ.

Related posts

එජාප සහ සජබ අතර සාකච්ඡාවක්

Editor O

කොමිෂන් සභා පහක සාමාජිකයන් පාර්ලිමේන්තු සභාව තහවුරු කරයි

Mohamed Dilsad

මාලදිවයින සිට ලාංකිකයන් පිරිසක් මත්තලට

Mohamed Dilsad

Leave a Comment